Thursday, 20 June 2019

අර්ශස් / Haemorrhoid / piles


හිතට ගතට වද දෙන අර්ශස් සුවකර ගනිමු


අර්ශස් කියන්නෙ අද වන විට බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් කියල හඳුනාගෙන තියෙනවා.අපේ කාර්යබහුලත්වය නිසාම අපි නොදැනුවත්වම රෝගය උත්සන්න වන තෙක් ප්‍රතිකාරයකට යොමු නොවීම දැක ගන්න පුළුවන්.
ගොඩාක් අවස්ථා වල දී අර්ශස් රෝග ලක්ෂණ කැපී පෙනෙන ලෙස දැක ගන්නට ලැබෙන්නේ නැහැ.සමහර රෝගීන් තමන්ට අර්ශස් රෝගය ඇති බව නොදැන සිටින අවස්ථා දැක ගන්න පුළුවන් .


අර්ශස් ඇති වන්නේ ඇයි?

අර්ශස් ඇතිවෙන්න හේතුව නම් තවම නිශ්චිතවම හොයාගෙන නැහැ. නමුත් ගුද මාර්ගය අවට රුධිර නාල වල පීඩනය වැඩිවීම මෙම රෝගය ඇතිවීමට බලපානවා. මෙම පීඩනය වැඩි වීම නිසා ගුදය අවට ඇති රුධිර නාල ඉදිමී ආසාදනයට ලක්වීම සිදුවෙනව.
දිගු කාලීනව පවතින මළ බද්දය නිසා මළ පහ කිරීමට අධික ආයාසයක් දරන්නන් මෙන්ම දිගුකාලීනව පවතින පාචන තත්වයන් ඇති අයද අර්ශස් රෝගය පහසුවෙන් ගොදුරු වීම දැක ගන්න පුළුවනි.

අර්ශස් ඇති වෙන්න බලපාන අනිත් හේතු මොනාද?
  • අධික තරබාරුව
  • වයසට යාම ( අප වයසට යන විට පේශීන් දුර්වල වීම සිදුවේ.මෙය අර්ශස් ඇති වීමේ හැකියව වර්ධනය කරයි )
  • ගර්භණී අවධිය
  • බර ඉසිලීම
  • දිගුකල් පවතින  කැස්ස
  • නිරන්තරයෙන් දිගු කාලයක් වාඩිවී සිටීම
  • ගුද සංසර්ගය
  • කොඳුඇට පෙලට හානි සිදුවීම

ආදිය රෝගය ඇතිවීමට බලපාන හේතු විදියට අපට දැක ගන්න පුළුවනි.

රෝග ලක්ෂණ
  • මළපහ කල පසු තද රතු පැහැති රුධිරය පිට වීම
  • ගුදයේ ඇතිවන කැසීම
  • මළපහ කල විගස නැවතත් කිරීමට සිත් දීම
  • මළපහ කරන විට යම් මෘදු ගැටිත්තක් වැනි දෙයක් ගුද මාර්ගයෙන් පිටතට පැමිනෙන්නාක් මෙන් දැනීම
  • ගුදය අවට ඇතිවන වේදනාව
  • ගුදය අවට ගැටිති ඇති වීම

අර්ශස් රෝගය දෙයාකාරයකින් ඇතිවේ.
එනම්,
අභ්‍යන්තරයේ ඇතිවන සහ බාහිරව ඇතිවන ලෙස පෙන්වා දෙන්න පුළුවනි.
අභ්‍යන්තරව රෝගය ඇති වූ විට ගැටිති ආදිය බාහිරව නිරීක්ෂණය කල නොහැකිය.

අර්ශස් ඇතිවීමට වලක්වා ගන්නෙ කෙසේද?
  • ප්‍රමාණවත් තරම් ජලය සහ දියර වර්ග පානය කිරීම
  • කෙඳි සහිත ආහාර වැඩිපුර කෑමට ගැනීම
  • මත්පැන් හා දුම් පානයෙන් වැලකීම
  • තේ , කෝපි වැනි පානයන් පාලනය කිරීම
  • දිනපතා ව්‍යායාම වල යෙදීම
  • මළපහ කිරීමේ අවශ්‍යතාව ඇති වූ විගස මළපහ කිරීම සහ දිගු කාලයක් මළ පිට නොකර රඳවා ගැනීමෙන් වැලකීම
  • ආයාසයක් යොදවා මළපහ කිරීමෙන් වැලකීම
  • දිගු වේලාවක් මළපහ කිරීමට ගත කිරීමෙන් වැලකීම

අර්ශස් වේදනාව අඩුකර ගන්නේ කෙසේද?
  • මද රස්නය සහිත වතුර බේසමක විනාඩි 20ක් පමන වාඩි වී සිටීමෙන් වේදනාව සහ කැසීම අඩු කර ගත හැකිය
  • අයිස් සහිත තුවායක් තැබීම
  • අර්ශස් ගෙඩි සෙමින් ශරීරය තුලට ඇතුල් කිරීම

සැත්කම් වලින් තොරව අර්ශස් සනීප කරගන්නේ කොහොමද?
දිගු කාලීනව පවතින හෝ අළුතින්  අර්ශස් ඇති වූ ඕනෑම රෝගියෙකුට සාර්ථක ප්‍රතිකාර හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මඟින් ලබා ගත හැකිය.
හෝමියෝපති ප්‍රතිකාර මඟින් රෝගය නිට්ටාවටම සුව කරගත හැකිවේ.
එමෙන්ම හෝමියෝපති ඖෂධ 100%ක්ම අතුරු ආබාධ වලින් තොර බැවින් ශරීරයට කිසිඳු හානියක් සිදු නොවේ.
සියලූම ඖෂධ , පෙති ආකාරයෙන් ඇති බැවින් පහසුවෙන් ලබා ගත හැකිය.
එමෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත, හෝමියෝපති වෛද්‍ය උපාධිය වන B.H.M.S උපාධිය සහිත වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් වඩා විශ්වාසදායී ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත.

Monday, 3 September 2018

සොරයිසීස් / psoriasis / පොතුකබර

සොරයිසීස් එහෙම නැත්නම් පොතුකබර කියන්නෙ අද සමාජයේ සුලභව දක්නට ලැබෙන රෝගයක්.මේ අය දිගු කාලයක සිට රෝගයෙන් පීඩා විඳින නමුත් ප්‍රතිකාර ලබා ගැනීමට මැලි කමක් දකින්න පුළුවන්. මෙයට බොහෝවිට හේතුව වන්නේ රෝගය සහිතව සමාජය ඉදිරියේ පෙනී සිටීමට දක්වන අකමැත්තයි.

සොරයිසීස් යනු .....

  සමේ සෛලයන් ගේ නියමිත කාලයට වඩා ඉක්මන් වූ ජීවන චක්‍රය සොරයිසීස් එහෙමත් නැත්නම් පොතුකබර යනුවෙන් හඳුන්වනවා.මේ නිසාවෙන් සම මතුපිට
ස්ථරය සෑදීම වේගවත් වේ.

  මෙම වේගවත්ව වර්ධනය වූ ස්ථරය ගැලවී යාම නිසා එම ස්ථාන වල රතු පැහැ ලප ඇති වීම, කැසීම සහ වේදනාව ඇතිවීම දැකිය හැකිය.

  රෝග ලක්ෂණ....

   මෙහි රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය.

මැරුණු සමෙන් ආවරණය වූ රතු පැහැති සොරයිසීස් තුවාල

ඉස්සොරි ලෙස විශාල වශයෙන් සම ගැලවී යාම

කුඩා ලෙස සම ගැලවී යන ස්ථාන ( කුඩා ළමුන්ගේ වැඩි වශයෙන් දැක ගත හැකිය)

වියලි , පැළුනු සම සහ කුඩා ප්‍රමාණයෙන් රුධිරය වහනය වීම්ද දැකගත හැකිය

කැසීම සහ දැවිල්ල සමඟ හටගත් තුවාල

තද වූ වල ගැසුනු හෝ උස් වූ නිය දැක ගත හැකිය

ඉදිමී වේදනා සහිත සන්ධි

ආදී බොහෝ රෝග ලක්ෂණ අතරින් එකක් හෝ කිහිපයක් මූලිකවම දැක ගැනීමට හැකිවේ.

  සොරයිසීස් ඇතිවීහේතු....

මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම මූලික වන කරුණ තවමත් හඳුනාගෙන නොමැත. නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ඇතිවන රෝගයක් බවට විස්වාස කරයි.

රෝගය උත්සන්න කරවන සාධක....

සමහර ආසාදන තත්වයන්

සමේ ඇතිවන තුවාල හා සීරීම්

මානසික ආතතිය

දුම් පානය

ඇල්කොහොල්

විටමින් D මදකම

සමහර ඖෂධ වර්ග

සොරයිසීස් ප්‍රධාන වශයෙන්ම ඇතිවිය හැකි අය....

සෑම දෙනෙකුටම මෙම රෝගය වැළඳීමේ හැකියාව ඇත.නමුත් යම් කොටසකට මෙම රෝගය ඇතිවීමේ හැකියාව වැඩි වේ.
එනම්,

සොරයිසීස් රෝගියෙකු හෝ කිහිප දෙනෙකු පවුලේ ඇතිවිට

යම් වෛරස හා බැක්ටීරියා ආසාදිතයින්

මානසික ආතතිය සහිත පුද්ගලයන්

අධික තරබාරුව ඇති අය

දුම් පානය කරන්නන්

සොරයිසීස් රෝගය දිගුකාලීනව පැවතීමේදී වෙනත් රෝගාබාධවලටද ලක්වීමේ ප්‍රවනතාවක් ඇත.

ඒවා නම්,

ආතරයිටීස් රෝගය ( මෙය psoriatic arthritis යනුවෙන් හඳුන්වයි)

අක්ෂි ආබාධ

ස්ථුලතාව

දියවැඩියාව

අධිරුධිර පීඩනය

හෘදය ආශ්‍රිත රෝග

පාකින්සන් රෝගය

වකුගඩු ආබාධ

මානසික රෝග

ආදී බොහෝ රෝගාබාධ සොරයිසීස් සමඟ ඇතිවිය හැකිය.

ප්‍රතිකාර .....

බොහෝ දෙනෙකු සිතන සහ දන්නා ආකාරය අනුව සොරයිසීස් සඳහා ප්‍රතිකාර නොමැත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යවෙන් මදක් ඔබ්බට සිත යොමු කිරීමේදී සොරයිසීස් සඳහා අති සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හෝමියෝපති ප්‍රතිකාර හඳුන්වනවා දිය හැකිය.

මෙම හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මඟින් පොතුකබර රෝගය නිට්ටාවටම සුවකිරීම සහ මනා ලෙස පාලනය කල හැකිය.

මෙම ප්‍රතිකාර ලබා ගැනීමේදී සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යොමුවීම වඩාත්ම වැදගත් කාරණයකි. හෝමියෝපති වෛද්‍ය උපාධිය වන BHMS සහතිකය සහ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත වෛද්‍යවරයකු වෙත යොමුවීමට සැලකිලිමත් විය යුතුය.

වෛද්‍යවරයාට රෝග ඉතිහාසය සමඟ සියලූම විස්තර පැවසීමට සැලකිලිමත් වන්න. එමෙන්ම වෛද්‍යවරයා ලබාදෙන සියලූම උපදෙස් පිලිපැදීමෙන් රෝගය ඉතාමත් ඉක්මනින් සුවකර ගැනීමේ හැකියාව පවතී.
හෝමියෝපති ප්‍රතිකාර 100%ක්ම අතුරු ආබාධ රහිත බැවින් ඉතාමත් විශ්වාසයෙන් කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලූම අයට ලබාගත හැකිය.

හෝමියෝපති ප්‍රතිකාර මඟින් සොරයිසීස් සුවවීම

Wednesday, 26 July 2017

ආරම්භය

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය 1796 වසරේ ජර්මනියේ දී ආරම්භ විය. එවකට බටහිර වෛද්‍ය විද්‍යවේ විශේෂඥ වෛද්‍යවරයකු වූ සැමුවෙල් හනිමාන් නැමති වෛද්‍යවරයා විසින් හෝමියෝපති නම් වෛද්‍ය ක්‍රමය සොයා ගන්නා ලදි.
 ලෝකයේ දැනට දෙවනුව විශාල ලෙසම ව්‍යාප්ත වූ වෛද්‍ය ක්‍රමය ලෙස සැලකෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ලංකාවේ බොහෝ දෙනෙකු නොදන්නා ක්‍රමයකි. 100%ක් අතුරු ආබාධ වලින් තොර වූ මෙම ප්‍රතිකාර ක්‍රමය

අප රටේ ප්‍රචලිත කිරීම,

මේ පිලිබඳ සාකච්ඡා කිරීම,

හෝමියෝපති මගින් කල හැකි දේ පිලිබඳ දැනුවත් කිරීම
හා
මෙම වෛද්‍ය ක්‍රමය මගින් ලාංකික ජනතාව නීරෝගී  ජනතාවක් බවට පත් කිරීමට කටයුතු කිරීම
මෙහිදී අරමුණු වේ.
හෝමියෝපති මගින් කල හැකි දේ බොහෝ වන අතර කල නොහැකි  දේ ද බොහෝ වේ.
ඔබගේ සියලුම අදහස් උදහස් සදහා මෙම බ්ලොගය විවෘත වන අතර ඔබගේ අදහස් මනා සංයමයකින යුතුව පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අර්ශස් / Haemorrhoid / piles

හිතට ගතට වද දෙන අර්ශස් සුවකර ගනිමු අර්ශස් කියන්නෙ අද වන විට බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් කියල හඳුනාගෙන තියෙනවා.අපේ කාර්යබහුලත්වය නි...