හිතට ගතට වද දෙන අර්ශස් සුවකර ගනිමු
අර්ශස් කියන්නෙ අද වන විට බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් කියල හඳුනාගෙන තියෙනවා.අපේ කාර්යබහුලත්වය නිසාම අපි නොදැනුවත්වම රෝගය උත්සන්න වන තෙක් ප්‍රතිකාරයකට යොමු නොවීම දැක ගන්න පුළුවන්.
ගොඩාක් අවස්ථා වල දී අර්ශස් රෝග ලක්ෂණ කැපී පෙනෙන ලෙස දැක ගන්නට ලැබෙන්නේ නැහැ.සමහර රෝගීන් තමන්ට අර්ශස් රෝගය ඇති බව නොදැන සිටින අවස්ථා දැක ගන්න පුළුවන් .
අර්ශස් ඇති වන්නේ ඇයි?
අර්ශස් ඇතිවෙන්න හේතුව නම් තවම නිශ්චිතවම හොයාගෙන නැහැ. නමුත් ගුද මාර්ගය අවට රුධිර නාල වල පීඩනය වැඩිවීම මෙම රෝගය ඇතිවීමට බලපානවා. මෙම පීඩනය වැඩි වීම නිසා ගුදය අවට ඇති රුධිර නාල ඉදිමී ආසාදනයට ලක්වීම සිදුවෙනව.
දිගු කාලීනව පවතින මළ බද්දය නිසා මළ පහ කිරීමට අධික ආයාසයක් දරන්නන් මෙන්ම දිගුකාලීනව පවතින පාචන තත්වයන් ඇති අයද අර්ශස් රෝගය පහසුවෙන් ගොදුරු වීම දැක ගන්න පුළුවනි.
අර්ශස් ඇති වෙන්න බලපාන අනිත් හේතු මොනාද?
- අධික තරබාරුව
- වයසට යාම ( අප වයසට යන විට පේශීන් දුර්වල වීම සිදුවේ.මෙය අර්ශස් ඇති වීමේ හැකියව වර්ධනය කරයි )
- ගර්භණී අවධිය
- බර ඉසිලීම
- දිගුකල් පවතින කැස්ස
- නිරන්තරයෙන් දිගු කාලයක් වාඩිවී සිටීම
- ගුද සංසර්ගය
- කොඳුඇට පෙලට හානි සිදුවීම
ආදිය රෝගය ඇතිවීමට බලපාන හේතු විදියට අපට දැක ගන්න පුළුවනි.
රෝග ලක්ෂණ
- මළපහ කල පසු තද රතු පැහැති රුධිරය පිට වීම
- ගුදයේ ඇතිවන කැසීම
- මළපහ කල විගස නැවතත් කිරීමට සිත් දීම
- මළපහ කරන විට යම් මෘදු ගැටිත්තක් වැනි දෙයක් ගුද මාර්ගයෙන් පිටතට පැමිනෙන්නාක් මෙන් දැනීම
- ගුදය අවට ඇතිවන වේදනාව
- ගුදය අවට ගැටිති ඇති වීම
අර්ශස් රෝගය දෙයාකාරයකින් ඇතිවේ.
එනම්,
අභ්‍යන්තරයේ ඇතිවන සහ බාහිරව ඇතිවන ලෙස පෙන්වා දෙන්න පුළුවනි.
අභ්‍යන්තරව රෝගය ඇති වූ විට ගැටිති ආදිය බාහිරව නිරීක්ෂණය කල නොහැකිය.
එනම්,
අභ්‍යන්තරයේ ඇතිවන සහ බාහිරව ඇතිවන ලෙස පෙන්වා දෙන්න පුළුවනි.
අභ්‍යන්තරව රෝගය ඇති වූ විට ගැටිති ආදිය බාහිරව නිරීක්ෂණය කල නොහැකිය.
අර්ශස් ඇතිවීමට වලක්වා ගන්නෙ කෙසේද?
- ප්‍රමාණවත් තරම් ජලය සහ දියර වර්ග පානය කිරීම
- කෙඳි සහිත ආහාර වැඩිපුර කෑමට ගැනීම
- මත්පැන් හා දුම් පානයෙන් වැලකීම
- තේ , කෝපි වැනි පානයන් පාලනය කිරීම
- දිනපතා ව්‍යායාම වල යෙදීම
- මළපහ කිරීමේ අවශ්‍යතාව ඇති වූ විගස මළපහ කිරීම සහ දිගු කාලයක් මළ පිට නොකර රඳවා ගැනීමෙන් වැලකීම
- ආයාසයක් යොදවා මළපහ කිරීමෙන් වැලකීම
- දිගු වේලාවක් මළපහ කිරීමට ගත කිරීමෙන් වැලකීම
අර්ශස් වේදනාව අඩුකර ගන්නේ කෙසේද?
- මද රස්නය සහිත වතුර බේසමක විනාඩි 20ක් පමන වාඩි වී සිටීමෙන් වේදනාව සහ කැසීම අඩු කර ගත හැකිය
- අයිස් සහිත තුවායක් තැබීම
- අර්ශස් ගෙඩි සෙමින් ශරීරය තුලට ඇතුල් කිරීම
සැත්කම් වලින් තොරව අර්ශස් සනීප කරගන්නේ කොහොමද?
දිගු කාලීනව පවතින හෝ අළුතින් අර්ශස් ඇති වූ ඕනෑම රෝගියෙකුට සාර්ථක ප්‍රතිකාර හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මඟින් ලබා ගත හැකිය.
හෝමියෝපති ප්‍රතිකාර මඟින් රෝගය නිට්ටාවටම සුව කරගත හැකිවේ.
එමෙන්ම හෝමියෝපති ඖෂධ 100%ක්ම අතුරු ආබාධ වලින් තොර බැවින් ශරීරයට කිසිඳු හානියක් සිදු නොවේ.
සියලූම ඖෂධ , පෙති ආකාරයෙන් ඇති බැවින් පහසුවෙන් ලබා ගත හැකිය.
හෝමියෝපති ප්‍රතිකාර මඟින් රෝගය නිට්ටාවටම සුව කරගත හැකිවේ.
එමෙන්ම හෝමියෝපති ඖෂධ 100%ක්ම අතුරු ආබාධ වලින් තොර බැවින් ශරීරයට කිසිඳු හානියක් සිදු නොවේ.
සියලූම ඖෂධ , පෙති ආකාරයෙන් ඇති බැවින් පහසුවෙන් ලබා ගත හැකිය.
එමෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත, හෝමියෝපති වෛද්‍ය උපාධිය වන B.H.M.S උපාධිය සහිත වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් වඩා විශ්වාසදායී ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත.

